ඇමරිකාවේ නේටෝ හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වූ සැණින් චීන රජය ඇෆ්ගනිස්ථානය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට යොමුවනු ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කර තිබේ.
ඇමරිකානු හමුදා බුද්ධි අංශ උපුටා දක්වමින් ඇමරිකන් හමුදා ප්‍රධානි ජෙනරාල් ෆ්‍රෑන්ස් මැකෙන්සි පවසන්නේ ,
චීනය දැනටමත් අප්‍රිකානු සහ ආසියානු රටවල්වල සංවර්ධනයට ණය මුදල් මෙන්ම විවිධ ආයෝජන කරමින් තම බලය පතුරවමින් සිටිනවා.වසර ගණනාවක යුද්ධයකින් හෙම්බත් වුණු ඇෆ්ගනිස්ථානයට චීනය විශාල සහයක් ලබා දෙවි.ඒ අනුව චීනය ඉදිරියේදී තව තවත් ආසියානු කලාපයේ තම බලය පතුරවාවී. යනුවෙනි.
එමෙන්ම ජගත් දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ චීනය ඇෆ්ගනිස්ථානය ද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ “එක් මාවතක් එක් තීරයක් ” සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම හරහා ලෝකයට තුළ තම බලය තව තවත් ව්‍යාප්ත කරනු ඇති බවයි