Colombo Today Local News

” නගරාධිපති පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා.” | මොරටුවේ කාන්තාවන් විශාල පීඩාවක

මොරටුව මහ නගර සභාවෙන් කසළ කළමනාකරණය යටතේ කාන්තාවන් භාවිතා කර ඉවතලන සනීපාරක්ෂක තුවා සහ ළමුන්ගේ පැම්පර්ස් වර්ග නිවාසවලින් එකතු නොකිරීම නිසා මොරටුවේ කාන්තාවන් මහත් පීඩාවකට පත්ව ඇත.

එලෙසම මොරටුවේ දැනට පවතින අවිධිමත් කසළ කළමනාකරණය හේතුවෙන් පොලිතින් වර්ග පවා පුළුස්සා දැමීමට ජනතාව පෙළඹවී සිටී.

එමගින් විශාල පරිසර හානියක්ද සිදු වන බව මොරටුවේ ජනතාව සදහන් කරයි.

මොරටුව මහ නගර සභාවේ අවධිමත් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මොරටුව මහ නගර සභා මන්ත්‍රීනී සුභාෂිණි වික්‍රමසිංහ මූලිකත්වයෙන් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ සංවිධානය කරන ලද උද්ඝෝෂණය මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී අද (9)දින පැවැත්වූ අතර ඒ සඳහා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සමග නිවාස සංකීර්ණයේ කාන්තාවන් කිහිපදෙනකුද සහභාගි වූහ.

මෙහිදී අදහස් දක්වමින් මොරටුව ජ.වි.පෙ නාගරික මන්ත්‍රීනී සුභාෂිණී වික්‍රමසිංහ මෙසේද කීවාය.

” කුඩා බිම් පෙදෙසක විශාල ජනගනත්වයක් වෙසෙන මොරටුව නගරයේ පවුල් 42,000 පමණ ජීවත් වෙනවා. ජනගහනයෙන් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ ජීවත් වෙනවා.
මොරටුව ජනතාවගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳව වගකීම තිබෙන්නේ මොරටුව මහ නගර සභාව වෙතයි. නගරාධිපතිවරයා පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා. දැන් හාත්පසින්ම වෙනත් තත්ත්වයක් උද්ගත වෙලා. කෝටි 336 ජනතාවගේ බදු ආදායම මොරටුව මහ නගර සභාව ලබනවා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී එම මුදල් වලින් නගරාධිපතිවරයාගේ සුඛවිහරනය සහ ඔහු නඩත්තු කරන පිරිසකගේ සැප පහසුව සඳහා පමණක් ඒවා භාවිතා කරනවා” යැයි පැවසුවාය.

මේ පිළිබඳව අදහස් දැක්වූ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ජ.වි.පෙ නාගරික මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මෙසේ පැවසුවාය.

” මොරටුව මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු නිලධාරීන් සහ නිවාසවලින් කැලි කසළ ගෙන යන සේවක මහතුන් නිවාස වල සිටින ගෘහනියන්ට සහ කුඩා ළමුන්ට පවසනවා ඔවුන්ගේ සනීපාරක්ෂක තුවා සහ දරුවන්ගේ පැම්පර්ස් වර්ග ගෙන යන්නේ නැහැ කියලා. නමුත් මේ පිළිබඳව නගරාධිපතිවරයාගේ වගකීම ඉටු නොකර කල් මරනවා. නගරාධිපතිවරයා කළ යුතු වන්නේ සෞඛ්‍ය අංශයට එන්නත්කරණය පිළිබඳව බලකිරීම නොවෙයි. ඔහුට බලය තිබෙන්නේ මොරටුවේ කැලි කසළ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමයි. නමුත් එලෙස නොකර නගරාධිපතිවරයාගේ සේවක පිරිස ගෘහනියන්ට පවසා සිටින්නේ සනීපාරක්ෂක තුවා සහ පැම්පර්ස් වර්ග පුළුස්සා දමන ලෙසයි. එම තත්ත්වය යටතේ මේවා පිළිස්සීමෙන් පරිසර හානියක් මෙන්ම පරිසර දූෂණයක්ද සිදු වෙනවා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් මෙසේද පැවසුවාය.

” පොලිතීන් , සනීපාරක්ෂක තුවා , දරුවන්ගේ පැම්පර්ස් වර්ග නගර සභාව එකතු කරන්නේ නැති නිසා මිනිසුන් ඒවා පුළුස්සා දමනවා. මහල් නිවාස සංකීර්ණයන්හි වෙසෙන ජනතාවට එය මහත් අපහසුතාවයක් ගෙන දෙනවා. මන්ද ඒවා බිම සිට පිළිස්සීමෙන් ඉහළට දුමාරය පැතිරෙන නිසා නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ සිටින අයට එය මහත් අපහසුතාවයක් ගෙන දෙනවා. එම දුමාරය පවා විෂ සහිතව දැනෙන බව ඇය පැවසුවාය.
මේ පිළිබඳව මොරටුව නගරාධිපති ඩබ්.සමන් ලාල් ප්‍රනාන්දුගෙන් විමසීමේදී ඔහු පැවසුවේ,

” කසළ බැහැර කිරීමේ ස්ථානය පිළිබඳව ගැටලුවක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කරමින් හැකි ඉක්මණින් විසඳුමක් ලබා දීමට හැකි වන බවයි පැවසුවේ.

Related posts

ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

colombotoday

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

colombotoday

බුවනෙකභා රාජ සභා මණ්ඩපය විනාශකළ නගරාධිපතිගෙ මයිලකට අත තියන්න දෙන්නේ නෑ. කුරුණෑගල නගරාධිපති වෙනුවෙන් ජොන්ස්ටන් සටනට

colombotoday

පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

colombotoday

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday