Colombo Today Local News

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන 30 වනදා සිට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මොස්කව් හි ඩොමෙඩෙඩෝවෝ ගුවන්තොටුපොළ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

පවතින වසංගත ව්‍යාප්තිය ආරම්භයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 20ක ගමනාන්ත 37ක් වෙත පියාසර කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රමයෙන් සිය ජාලය නැවත ගොඩනගා ගනිමින් එම සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැංවීම සඳහා සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකිය.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 777 19 79 යන දුරකතන අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෝලීය සබඳතා මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

Related posts

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

colombotoday

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday