තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ නීති විරෝධී ලෙස වැලි කැණීම් කළ ස්ථාන 05 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් වටලා තිබේ.
ඒ, වාලච්චේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. එහිදී සැකකරුවන් 05 දෙනෙක් සහ ට්රැක්ටර් රථ 05 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
වැලි පුරවන ලද ටේලර් රථ 05 ක් ද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සහ අදාළ භාණ්ඩ වැඩි දුර විමර්ශන සදහා වාලච්චේන පොලීසිය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සදහන් කරයි.