Colombo Today Local News

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇත

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (02)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය “ඇස්ට්‍රාසෙනිකා” එන්නත් ප්‍රමාණය ඉක්මණින් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබාදීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකුට සති 45ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි, කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය, ප්‍රසන්න ගුණසේන මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරැඹීමත් සමඟ ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට හැකිවී තිබේ. දිවයින පුරා එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, නාවික හා ගුවන් හමුදාපතිවරු, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

හර්තාල් දින සේවයට නාවන් සොයයි

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday