World

උෂ්ණත්වය ඉහළයෑමෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මරුට

හදිසියේ සිදුවූ උෂ්ණත්වය ඉහළයෑමක් හේතුවෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මියගොස් තිබේ.

පසුගිය සිකුරාදා සිට හදිසි මරණ 130කට වැඩි ගණනක් වැන්කුවර් ප්‍රදේශයේ පොලිසියට වාර්තා වී තිබේ. මියගිය බොහෝ අය වයෝවෘද්ධ පිරිස් සහ නිදන්ගත රෝග තත්ත්වයන් ඇති අයය.

පරිසරවේදීන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා තාප තරංග වැනි ආන්තික කාලගුණික සිදුවීම් වැඩි වන බවයි. කෙසේ වෙතත්, ඕනෑම සිදුවීමක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා සම්බන්ධ කිරීම සංකීර්ණ බවද ඔවුන් පවසා ඇත.

Map showing the hottest areas in Canada and the US north-west

කැනඩාවේ සහ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවල අධික උණුසුම ඇති වී ඇත්තේ කැලිෆෝනියාවේ සිට ආක්ටික් ප්‍රදේශ දක්වා විහිදෙන අධි පීඩන උණුසුම් වාතයෙනි. වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වය ලිහිල් වී ඇති නමුත් මිරිදිය ප්‍රදේශවලට ක්ෂණිකව උෂ්ණත්වය ව්‍යාප්ත වී ඇත.

සමහර ප්‍රදේශවල හදිසි මරණ වාර්තා වී ඇති නමුත් තවමත් එම සංඛ්‍යා එකතු කර නොමැති බැවින් තවදුරටත් මෙම හදිසි උෂ්ණත්වය හා සම්බන්ධ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

වැන්කුවර්හි පමණක් සිකුරාදා සිට පුද්ගලයන් 65 දෙනකුගේ අනපේක්ෂිත මරණවලට තාපය හේතු වූ බව විශ්වාස කෙරේ. තමන්ගේ වසර 15ක පොලිස් සේවා කාලය තුළ කෙටි කාලයක් තුළදී මෙතරම් හදිසි මරණ සංඛ්‍යාවක් කිසි විටෙකත් අත්විඳ නැති බව පොලිස් සැරයන්වරයකු වන ස්ටීව් ඇඩිසන් මාධ්‍ය වෙත පැවැසීය.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

colombotoday

ෆේස්බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම්කළ හැකි ඇන්රොයිඩ් මෙවලම් 9ක් Google ඉවත් කරයි

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday