World

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

ගුවනේ යා හැකි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ස්ලෝවැකියාවේ දී සාර්ථකව එහි පළමු ගමන නිමකර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම රථය නිට්‍රා සහ බ්‍රැටිස්ලාවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතර විනාඩි 35ක කාලයකින් ගුවනින් ගොස් තිබුණි.

එම හයිබ්‍රිඩ් රථය “එයා කාර්” ලෙස හඳුන්වා ඇති අතර එහි එන්ජිම බී එම් ඩබ්ලිව් වර්ගයේ වන අතර භාවිත කරන ඉන්ධනය පෙට්‍රල් ය.

එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලේයින් පැවසුවේ එම ගුවන් මෝටර් රථයට කිලෝ මීටර් 1,000ක් පමණ දුරක් මීටර් 2,500ක් පමණ ඉහළින් එකවර ගමන් කළ හැකි බවය.

මෝටර් රථය ගුවන් යානයක් ලෙස වෙනස් වීමට විනාඩි 2යි තත්පර 15 ගතවේ.

Related posts

ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

colombotoday

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

colombotoday

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin