Colombo Today Local News

තවත් ගිලන්රථයකට පහරදීමක්

ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (28)දින සවස එම පහරදීම සිදුව ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් 65 හැවිරිදි කඩවත, පහළදියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බීමතින් මෙලෙස ගිලන්රථයට පහරදී ඇතැයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර අද (29) දිනයේ දී සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොදු දේපළ පනත යටතේ සහ බීමතින් සිදුකළ වැරදිවලට මෙන්ම රියදුරුට පහර දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට !

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

colombotoday

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday