Colombo Today Local News

වසාදැමුණු මෙල්බන් නුවර හෙට සිට යළි විවෘතයි

කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (10)දින රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර ඇත.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය මස 27 වනදා සිට මෙල්බන් නුවර වසා දැමුණු අතර ඉන් පුද්ගලයින් මිලියන 05ක පමණ පිරිසකට බලපෑම් එල්ල විය.

කෙසේවෙතත් ගත වූ දිනය තුළ මෙල්බන් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයෙන්ම හඳුනාගෙන ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 30,200 දෙනෙකු සහ මරණ 910ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණවලින් සියයට 90ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

Related posts

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන්ට දඩුවම් කරන්න – මුස්ලිම් කවුන්සිලය අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday