Colombo Today Local News

රජයේ රෝහල් මගින් බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට

රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, සංචරණ සීමා හමුවේ රෝහල්වල පැවැත්වෙන සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ගේ පහසුව සඳහායි.

ඒ අනුව, රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබේ.

රෝගීන් ලියාපදිංචි කිරීමේ දී රෝහල වෙත ලබා දී ඇති ලිපිනයට මෙම බෙහෙත් වට්ටෝරු බෙදා හරින බැවින්, ලියාපදිංචියේ දී ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ රෝහල දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන්ට දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 072 0 720 720 හෝ 072 0 606 060 දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකිය.

Related posts

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday