Colombo Today Local News

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

පිරිත් දේශනාවක් අතරතුර සංවිධානය කර තිබු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දින සැමරුම පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

සැමරුම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබුන බවද පැවසෙයි.

ඊයේ (30)දින පස්වරුවේ නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි.

අදාළ පිරිත් දේශනාව කොරෝනා වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් වෙයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වූ වැඩසටහනකදී මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසා තිබෙන අතර එය නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බව එහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් වියයුතුයි

Admin

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday