Colombo Today Local News

ගිනි ගත් නෞකාවේ වෙරළට ආ සුන්බුන් එකතු කළ 8ක් ලොරියක් සමග පොලීසියට කොටු

සංචරණ සීමා උල්ලංඝණය කරමින්, MV X-Press Pearl නෞකාවේ සුන්බුන් එකතු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දුන්ගල්පිටිය, පමුණුගම හා කොච්චිකඩේ යන පොලිස් ස්ථාන මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සමග ලොරියක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය 20 වැනිදා MV X-Press Pearl නෞකාවේ ගින්න හටගෙන තිබුණේ, කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ය.

එදා සිට මේ දක්වා නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පසුගිය 24 වැනිදා හෙළි වී තිබුණේ, නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි.

මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් සහ තවත් ද්‍රව්‍ය කොටස් මේ මීගමුව සහ අවට වෙරළට ගසා ගෙනවිත් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

එහි සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, අදාළ බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය අඩංගු විය හැකි බවයි.

ඒ හේතුවෙන් එම ද්‍රව්‍ය ආසන්නයට යාම, ස්පර්ශ කිරීම වැනි කටයුතුවලින් වළකින්නැයි ඇය ජනතාවට අවධාරණය කළාය.

Related posts

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday

කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…

colombotoday

මහබැංකු මගඩිය: අර්ජුන් මහේන්ද්‍රන්ට තවමත් දඩුවම් දීලා නෑ – ඇමරිකාව කියයි

colombotoday

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday