Colombo Today Local News

ආරක්ෂිත වෙසක් දිනයක් වේවා. අධ්‍යාත්මික වර්ධනය සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. | උලමාගෙන් වෙසක් දින පණිවුඩයක්.

අද දිනට යෙදී තිබෙන වෙසක් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ආරක්ෂිත වෙසක් දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන ජනයාගේ යහමඟ, යහපත් සෞඛ්‍යය, අධ්‍යාත්මික හා සදාචාරාත්මක වර්ධනය සඳහා සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.” යැයි සඳහන් කර ඇත.

අදාළ නිවේදනය…

සමස්ත මිනිස් සංහතියටම තර්ජනයක් වන කෝවිඩ්-19 වසංගතයේ පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින බෞද්ධ සහෝදරයන්, වෙසක් පොහෝ දින සැමරීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඉතිහාසය පුරා විවිධ අවස්ථාවන්හිදී අප මෙවන් සිදුවීම්වලට මුහුණ දී ඇත්තෙමු.

අපගේ දහම් කෙරෙහි ඇති භක්තිය එවැනි විපත්වලින් මිදීමට අපට ශක්තියක් වන අතර අපගේ ගුණධර්ම ගොඩනැගීමටද රුකුලක් වෙයි.

මෙම අවස්ථාවෙහිදී, අපගේ මානව බැඳියාවන් හා සාරධර්ම ශක්තිමත් කරගනිමින්, අපගේ දහම්වල ඉගැන්වීම් පිළිපදිමින්, කොවිඩ්-19 වැළැක්වීමේ පියවර අනුගමනය කරමින් අප මාතෘභූමිය හා සියලු ජනයා සුරක්ෂිත කරමු.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන ජනයාගේ යහමඟ, යහපත් සෞඛ්‍යය, අධ්‍යාත්මික හා සදාචාරාත්මක වර්ධනය සඳහා සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී දුගී දුප්පත් ජනයාට උපකාර කරමින් ත්‍යාගශීලීව කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මුස්ලිම් ප්‍රජාවෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ආරක්ෂිත වෙසක් දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරයි.

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related posts

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

Admin

කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

colombotoday

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin

සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin