World

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබා ගැනීමට අවසර

අවසර පත්‍රයක් නොමැතිව අත් තුවක්කුවක්(handguns ) රැගෙන යා හැකි පනතක් ටෙක්සාස් ප්‍රාන්තය සම්මත කර තිබේ.

වර්තමාන රාජ්‍ය නීති රීති වලට අනුව අත් තුවක්කුවක් රැගෙන යෑම සඳහා බලපත්‍රයක් සහ පුහුණුවක් තිබිය යුතුය.

ටෙක්සාස් හි රිපබ්ලිකන් පක්ෂයෙ බලය යටතේ ක්‍රියාත්මක වන සෙනෙට් සභාව විසින් තුවක්කු පාලන කණ්ඩායම්වල අනතුරු ඇඟවීම් නොතකා මෙම සීමාවන් ඉවත් කිරීමට ඡන්දය දී තිබේ.

ආධාරකරුවන් පවසන්නේ නව ක්‍රියාමාර්ග මගින් ටෙක්සන්ට ප්‍රසිද්ධියේ ආරක්ෂා වීමට ඉඩ සැලසෙන බවයි.

මෙම පනත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් වෙත යවා ඇති අතර ඔහු එය අත්සන් කරන බව පවසා තිබේ. ඉන් පසු නීතියක් බවට පත්වේ.

එක්සත් ජනපදයේ ලිහිල්ම තුවක්කු නීති කිහිපයක් ටෙක්සාස් හි ඇති අතර බලපත්‍රයක් නොමැතිව රයිෆල් ප්‍රසිද්ධියේ රැගෙන යාමට දැනටමත් ඉඩ දී ඇත.

මෙම නව පියවර මඟින් වයස අවුරුදු 21 හෝ ඊට වැඩි ඕනෑම කෙනෙකුට අපරාධ හෝ නීතිමය ලෙස සීමාවන් නොමැති නම් අත් තුවක්කුවක් රැගෙන යාමට ඉඩ දෙනු ඇත.

Related posts

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday

සර්පයන් තොගයක් රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

Admin