Colombo Today Local News

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

නිශ්චිතවම හඳුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව හලාවත පොලිසිය පවසයි.

හලාවත, ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බලකායේ කඳවුරට ආසන්නයේ වෙරළට මෙම උපකරණය ගොඩගසා ඇති බව වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබෙන අතර මෙය අඩි 10-15ක් පමණ උසකින් යුතු බවයි පැවසේ.

මෙම උපකරණය බෝයාවක් විය හැකි බව ඇතැම් පිරිස් පවසන අතර ඇතැමුන් පවසන්නේ මුහුදේ යාත්‍රා කරන නැව්වලට ගමන් මාර්ගය පෙන්වීම සඳහා යොදාගන්නා උපකරණයක් බවයි.

කෙසේ වෙතත් මෙම උපකරණය නිශ්චිතවම මෙතෙක් හදුනාගෙන නොමැත.

Related posts

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

colombotoday

“විශ්වාසභංග සීයක් ගෙනාවත් පරද්දනවනම් බොරු.. බහුතරය අපටයි” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

colombotoday

යහපාලන ආණ්ඩුව කළ තවත් වැඩක් අවුල් වෙයි.. නැවත සංශෝධනය කරන බව ජනපති කියයි

colombotoday

යාපනේ සිසුවාගේ ලිපිය පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක

colombotoday