extremism & terrorism activities

පලස්තීනයට සහයෝගය පලකල රැලියකට බෝම්බ ප්‍රහාරයක්.

ඊයේ (21) ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි පාකිස්තාන නගරයක පැවති පලස්තීන හිතවාදී රැලියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය කන්ඩායම වන හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් වී පැය කිහිපයකට පසු දහස් ගණන් ජනයා පාකිස්තානය පුරා පලස්තීනුවන්ට සහයෝගය දක්වන රැලි පැවැත්වුහ..

මෙම පිපිරීම සිදුවන්නේ ක්වේටා ප්‍රාන්තයේ චීන තානාපතිවරයා ලැගුම්ගෙන සිටි සුඛෝපභෝගී හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර සති කිහිපයකට පසුවය.

එම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානය විසින් බාරගන්නා ලදි.

Related posts

සහජීවනය උතුරා යයි.. මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..

colombotoday

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday

මියන්මාරයට හිසරදයක් වූ රෝහින්ග්‍යා යනු කවුද?

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

colombotoday

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

colombotoday