Colombo Today Local News

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

1990 සුව සැරිය ගිලන්රථ රියදුරෙකුට සහ එහි සේවිකාවකට පහරදීමේ සිදු වීමක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පවසයි.

දිඹුල පතන ප්‍රදේශයේ කුඩාගම, ආගිල් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙක් “බැල්කනියෙන්” බිමට වැටී ඇතැයි අද (22)දින අලුයම 2ට පමණ 1990 ගිලන්රථ සේවයට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

ඒ අනුව ගිලන්රථය අදාළ ස්ථානයට ගොස් ඇති අතර, බිමට වැටුණේයැයි පැවසෙන සේවකයාට කිසිදු තුවාලයක් හෝ එවැනි සිදුවීමක් පිළිබඳ කරුණු අනාවරණය නොවීම හේතුවෙන් ගිලන්රථ රියදුරු හා එහි සේවිකාව විසින් අදාළ සේවකයා රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවන බව සඳහන් කර ඇත.

එහිදී අදාළ සේවකයා අසල බීමතින් සිටි පිරිසක් ගිලන්රථ රියදුරුට, එහි සේවිකාවට හා ගිලන්රථයට පහර දී ඇතැයි දිඹුල පතන පොලීසිය සඳහන් කරයි.

සිදුවීම සැල වු වහාම පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් දෙදෙනා අධික ලෙස බීමතින් සිටි නිසාවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද පොලීසිය පවසයි.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා. හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි

colombotoday

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

Admin

ටයර් සෑයවල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන මතකනම් ආයේ ප්‍රේමදාස යුගයකට යන්නේ නෑ

colombotoday

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට.

colombotoday