Colombo Today Local News

“වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිරයි “

වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

නමුත් එය හරියට ක්‍රියාත්මක නොවුවහොත් රට ලොකු ව්‍යසනයකට පත් වන බවද ඔහු කීය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට තමා විරුද්ධ නැති බවත් නමුත් මේ රටේ සම්පත් චීනයට විකිණීමට තමා විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කළේය.

රටේ කොටසක් පරදේශක්කාරයන්ට ලබාදීම තමා හෙළා දකින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා එය වහා නතර කළ යුතු බවද කියා සිටියේය.

කොරෝනා පරාජය කිරීමට යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා සේනාංක අද ලොකු කාර්යභාරයක් කරන බවත් මේ කටයුතු වෛද්‍ය ක්ෂේත්‍රයට තනිවම කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට තමා විරුද්ධ යැයි කී ෆොන්සේකා මහතා හමුදාවට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවද ප්‍රකාශ කළේය.

Related posts

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

ඉඩම් වංචාවක් ගැන අහන්න මරික්කාර්ගේ තාත්තා FCID කැදවයි.

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

colombotoday