Colombo Today Local News

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද (13)දිනයේ සිට ලබන 30 වැනිදා තෙක් ධාවනයට එක්කර තිබෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න අරුණට ඊයේ (12)දින පැවසීය.

පළාත් අතර සංචරණය මෙම 30 වැනිදා තෙක් තහනම් කිරීමට රජය තීරණය කර ඇතත් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලවල ඉල්ලීම හා පහසුව තකා දුම්රිය දෙපාර්තුමේන්තුව මෙම පියවර ගෙන තිබෙන බවද හෙතෙම කීවේය.

කොළඹ කොටුවේ සිට මහනුවර, බෙලිඅත්ත, මහව, රඹුක්කන හා හලාවත දක්වා ගමන්වාර දහයක් මෙලෙස ධාවනය වන බවත් එම දුම්රිය සඳහා අත්‍යවශ්‍ය රාජකාරීවල කාර්ය මණ්ඩල පමණක් ප්‍රවාහනය කරන බවත් සඳහන් කළේය.

අත්‍යවශ්‍ය රාජකාරී ආයතනවල කාර්ය මණ්ඩල බව සනාථ කරන හැඳුනුම්පත් හා ලිපි සන්තකයේ පැවතීම අනිවාර්ය බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියේ ගමන් කරන සෑම මගියෙකුගේම අනන්‍යතාව පරීක්ෂා කරනු ඇති බවත් ගමනාගමන අධිකාරීවරයා කීවේය.

Related posts

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday

පාර මාරුවෙමින් සිටි කතක් යතුරු පැදියේ ගැටී එතනම මිය යයි

colombotoday