World

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

ඉන්දියාවේ ගංගා නදියේ පාවෙමින් ආ මළ සිරුරු කිහිපයක් ගං ඉවුරට ගොඩගසා ඇතැයි එරට මාධ්‍ය පවසයි.

බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත අතර එම මළ සිරුරු හමුවී තිබේ.

ඒ ආකාරයට මළ සිරුරු 40ක් පමණ ගොඩට පාවී තිබුණි.

මාධ්‍ය වර්තා පවසන්නේ එම සිරුරු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගේ බවය.

මෙම සිරුරු දින හයක් හෝ හතක් පමණ මෙලෙස ගසාගෙන එන්නට ඇති බවත් ඒවා බොහෝමයක් ජීර්ණය වීමට පටන්ගෙන තිබූ බවත් බලධාරීන් විසින් සඳහන් කර තිබුණි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ජනතාව මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගංගා නදියේ ඉවුරේ තබා ආදාහනය කරනු ලබයි.

එවැනි සිරුරු නදියට එක් වෙන්නට ඇතැයි සමහරු පවසති.

මෙලෙස මෘත දේහයන් එක්වරම ගොඩ ගැසීම පිළිබඳව ඉන්දීය බලධාරීන් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන් සැක පළ කරන්නේ මෙම සිරුරු බොහෝ විට ආදාහනය කර ගැනීමට හැකියාවක් නොතිබුණු හෝ භූමදානයට අවශ්‍ය ඉඩක් නොතිබීම මත මෙලෙස ගංඟා නම් ගඟට දමන්නට ඇති බවයි.

මෙම සිරුරු අතර කොරෝනා හේතුවෙන් මිය ගිය කුඩා දරුවන්ගේ ද සිරුරු ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබූ දර්ශනවල දැකගත හැකිය.

Related posts

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම රුසියානු කොවිඩ් එන්නත අත්හදාබැලීමට තීරණය කරයි

colombotoday

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් මියයයි

colombotoday

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

ලන්ඩන් IS ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දක්වන්න සෞදි පාපන්දු කණ්ඩායම බෑ කියයි..

colombotoday

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් නයිජීරියාවේ පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday