Colombo Today Local News

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

පොල් වගාකිරීමේ මණ්ඩලයේ රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායම කළ පරීක්‍ෂණයේ වාර්තාව එම අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන එහි මූල්‍ය අංශයේ ගණකාධිකාරීවරිය සහ කළමනාකරණ සහකාරිය ඇතුළු නිලධාරීන් කීපදෙනකුගේ වැඩ තහනම් කළ යුතු බවටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කළ යුතු බවටත් එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව වාර්තාවේ.

පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ එම මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය හරහා විගණනයක් කළ යුතු බවට ද නිර්දේශවල සඳහන්ව ඇති බව ද වාර්තා වේ.

Related posts

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපාන තානාපතිවරු හදිසියේම විදේශ ඇමති හමුවෙයි.

colombotoday