Colombo Today Local News

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ඒකාබද්ධ තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.

මේ සතිය තුල බස් රථ සේවකයන්ට කොවීඩ් එන්නත ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන 17 වැනි දා සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක නිරත වන බවද විජේරත්න මහතා සඳහන් කළේය.

මේ වන විටත් බස් රථ සේවකයන් විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.

මගී ජනතාව සමඟ වැඩි වශයෙන් ගනුදෙනු කරන සියලුම බස් රථ, දුම්රිය ඇතුළු ප්‍රවාහන මාධ්‍යන් වල සේවයේ නියුතු පිරිස් සඳහාද කඩිනමින් කොවීඩ් එන්නත ලබාදීමට රජය පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

දේපළ ගැටලුවක් මත පියා ව ඝාතනය කළේ යැයි පුතා අත්අඩංගුවට

වේයන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වු 67 හැවිරිදි පියෙක් ව ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 32 හැවිරිදි අයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මියගිය පුද්ගලයාගේ දියණිය විසින් වේයන්ගොඩ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

තම සහෝදරයා තල්ලුකිරීමෙන් පියා මියගිය බවට එම පැමිණිල්ලේ සඳහන් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී ද ඒ බව අනාවරණය වී තිබේ.

පෙරේදා දිනයේ දී එම පුත්‍රයා නිවසට පැමිණ තම සහෝදරියට කිසිදු දේපළක් ලබා නොදෙන්නැයි පියාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු පියාව තල්ලුකර ඇත.

එහිදී තුවාල ලැබු පියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (09) දිනයේ දී අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, පසුගිය ජනවාරි මස සිට මේ දක්වා දරුවන් විසින් දෙමාපියන් ඝාතනය කළ අවස්ථා 4ක් පමණ වාර්තා වී ඇති බවය.

Related posts

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday

තීරුබදු රහිත වාහන බලපත්‍රයක් සමග ‘පූජිත’ පොලිස්පති ධුරයෙන් සමු අරන් !

colombotoday

පිංවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

colombotoday

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday