ArticlesColombo Today Local News

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

මාධ්‍ය මගින් මහා ප්‍රසිද්ධියක් ලබා දුන් කෑගල්ලේ ධම්මික මහතාගේ පැනිය කොරෝනා රෝගයට භාවිතයට ගත නොහැකි ඖෂධයක් ලෙස සායනික පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. එමෙන්ම අතිරේක ආහාරමය පානයක් ලෙස පවා ගැනීමට නුසුදුසු බවට මාධ්‍ය වාර්තා පලවී ඇත.

එවන් අවස්ථාවක, කොරෝනා 3 වන රැල්ල රට තුල ව්‍යාප්තවන මොහොතක තවත් හොර පැණි සහ චූර්ණ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටියි.

පාරම්පරික වෙදකමට සහ ආයුර්වේද වෙදකමට පවා නිගා දෙන, තමන් “පාරම්පරික වෙදුන්” යැයි කියා ගන්නා ව්‍යාපාරික “හොර වෙද්දු” පිරිසක් බිහිවී ඇත. මොවුන් මාධ්‍යවෘතිය මුදලට පාවා දෙන පුද්ගලයින් වෙනුවෙන් මුදල් වියදම් කර ප්‍රසිද්ධියක් ලබා ගෙන ජනතාවගේ මුදල් ගසා කෑම යහමින් කරගෙන යමින් සිටියි.

ඔවුන් කොරෝනා වෛරසයට හොදයැයි පවසමින් විකුණමින් සිටින පැණි සහ චූර්ණ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැති ලබාගෙන ද නැත.

රටක් වශයෙන් කොරෝනා වෛරසයෙන් ගොඩ ඒමට උත්සහ දරමින් සිටින අවස්ථාවක සිදුකරන මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව රජය පරීක්ෂණයක් කර නීත්‍යනුකුලව කටයුතු කල යුතුව ඇති අතර නියමනයකින් තොරව හොර වෙද්දු සිදුකරන වංචා සහගත ක්‍රියා හේතුවෙන් පාරම්පරික වෙදකම ද හෑල්ලුවට ලක් වේ.

Related posts

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කරයි

colombotoday

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin