Colombo Today Local News

එටිසෙලාට් සමාගම DATA ජාවාරමක – පාරිභෝගිකයාගේ මුදල් ගසා කාලා

etizalat

 

එටිසලාට් සමාගම විසින් සිය අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් ඉතා අසාධාරණ ලෙස හා නීති විරෝධී ලෙස මුදල් අයකරනු ලබන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මෙම පිළිබදව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ පිළිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට අද (10දා) පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

පාරිභෝගිකයෙකු විසින් අන්තර්ජාලයට පිවිස කිසියම් වෙබ් අඩවියකට පිවිසි විගසින් එටිසෙලාට් සමාගම යම් දත්ත ප්‍රමාණයක් තැන්පතු වශයෙන් තබා ගැනීම සිදුකරන බවත් අදාල පාරිභෝගිකයා එම වෙබ් අඩවියෙන් ඉවත් වූ වහාම එම තැන්පත් ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන් භාවිතා කළ දත්ත ප්‍රමාණයට මුදල් අය කරමින් ඉතිරි ප්‍රමාණය පාරිභෝගිකයා වෙත මුදාහරිනු ලබයි.

කෙසේ වෙතත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කල නීරික්ෂණයකින් තහවුරුවී ඇත්තේ එටිසලාට් සමාගම අදාල අවස්ථාවේදී තැන්පතුව ලබා ගන්නා නමුත් ඉතිරි දත්ත ප්‍රමාණය නැවත පාරිභෝගිකයා වෙත මුදා නොහරින බවය.

මෙය නීතිවිරෝධී බවත් මේ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

එසේම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සමහර නිළධාරීන් එටිසලාට් සමාගම සමග පවත්වන සමීප සම්බන්ධතා නිසා සාධාරණ පරීක්ෂණයක් සදහා ඉඩකඩ නොමැති බැවින් පුද්ගලිකවම මෙම පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි දූෂීත නිළධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසම වෙත ඉදිරි දිනක පැමිණිලි කිරීමටද කටයුතු කරන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි

Related posts

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

colombotoday

ඇලෝසියස්ට බන්ධනාගාරයේ සුපිරි සැප… H වාට්ටුවේ සිට දේශපාලන ප්‍රබලයන් සමග දුරකතන සාකච්ඡා

colombotoday

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday