Colombo Today Local News

සිවිල් කටයුතු, රැස්වීම්වලට හමුදාව සහභාගීවීම වළක්වන යෝජනාවක් උතුරු සභාව සම්මත කරගනී

army59212මහජන රැස්වීම් සහ සිවිල් කටයුතුවලට හමුදාව මැදිහත්වීම වළක්වන යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මතකරගෙන ඇත.

ද්‍රවිඩ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී ටී රවිකරන් විසින් පසුගිය ජූලි 12 වන දින මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇති අතර ඒකමතිකව සම්මතකරගෙන ඇත.

යහපාලනය යටතේ ත්‍රිවිධ හමුදාවේ කිසිදු සාමාජිකයෙකුට සිවිල් කටයුතු සහ රැස්වීම්වලට සහභාගීවීමට ඉඩක් නොමැති බව පළාත් සභා මන්ත්‍රී කේ. සර්වේශ්වරන් අවධාරණය කර ඇති අතර, විපක්ෂ නායක එස් තවරාසාද එම අදහස් අනුමත කරමින් පළාත් සභාවේදී අදහස් දක්වා ඇත.

සිවිල් කටයුතු වලට හමුදාව මැදිත්වීම උතුරු පළාත් සභාව විසින් ප්‍රතික්ශේප කළද මේ වන විටත් උතුරේ මහජන සුබසාධන, සහ ප්‍රජා සත්කාරක කටයුතු ක්‍රියාත්මක වන්නේ ත්‍රවිධ හමුදාවේ මැදිහත්වීමෙනි. කිලිනොච්චි සහ යාපනය රෝහල්වල ලේ අවශ්‍යතාවයෙන් 50% කටත් වඩා තවමත් සැපයෙන්නේද හමුදා සාමාජිකයන්ගෙන් බව හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

උතුරේ පවතින දැඩි කුළ භේදය නිසා වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව එහි ජනතාව ලේ පරිත්‍යාග කිරීමට මැළිකමක් දක්වන බැවින් උතුරේ රෝහල් සදහා ලේ අවශ්‍යතාවය හමුදාව මගින් සැපයෙයි.

Related posts

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

අන්තවාදී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව නොසන්සුන්තාවයක් තිබෙනවා | මන්ත්‍රී නීතිඥ මධුර විතා­නගේ – Video

colombotoday

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

colombotoday

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයි

colombotoday

නව නීතියෙන් ධර්මපාල චින්තනයටත් වැට… හැඟිම් ඇවිස්සෙන කතා කළොත් වසර දෙකක් සිරගෙට

colombotoday