Colombo Today Local News

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ළහිරු වීරසේකර, රතිදු සේනාරත්න හෙවත් රැට්ටා සහ රත්කරව්වේ ජිනරතන හිමි යන සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝග කළේ ඔවුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමටය.

තලංගම සහ කොටුව ප්‍රදේශවල පසුගිය ජුනි මස 09 හා 10 යන දෙදින තුළ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ මොවුන් පසුගිය 22වනදා මරදාන පොලීසියට භාරවී තිබුණි.

Related posts

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

ඩොලරයේ අද මිල

colombotoday