Colombo Today Local News

අත්අඩංගුවට ගන්නා කංසා වලට කරන්න යන දේ…

අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති බව එම අමාත්‍යංශය සදහන් කරයි.

අත්අඩංගුවට ගන්නා කංසා ආයුර්වේද සංස්ථාවට භාරදීමට පෙර භාරදුන් ප්‍රමාණය හා විනාශ කරන ලද ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදි උපදෙස් ලබාදී ඇත.

ආයුර්වේද සංස්ථාවට භාරදෙන ලද කංසා ආයුර්වේද සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, එහි ආරක්ෂාව ඇතුළු වගකීම් පොලීසිය විසින් භාර ගත යුතු බවට එහිදී යෝජනා වු බව අධිකරණ අමාත්‍යංශය සදහන් වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

ව්‍යාජ PCR රිපෝට් සැකසූ 3ක් CID අත්අඩංගුවට

colombotoday

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව ලබන 31

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

colombotoday

බැදුම්කර අවසන් වාර්තාවටත් බාලගිරි දොස වැළදේ.. තව කල් යන ලකුණු !

colombotoday