උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අත්අඩංගුවට නොගන්නේ නැවත වර්ධරාජා පෙරුමාල් කෙනෙකු බිහි කර ගැනීමට උවමනා නැති නිසා බව නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර පවසයි.
දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. අධිකරණයෙන් පවා තහනම් කර තිබියදී උතුරේ වෙනම රාජ්‍යක් වෙනුවෙන් කටයුතු කරනු ලැබු කොටි සාමාජිකයන් සමරා දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධ ලෙස කටයුතු කරන උතුරැ මහ ඇමති අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විපක්ෂයෙන් ප්‍රශ්න කල අවස්ථාවේදී ඔහු මෙසේ කීවේය.
ඊටම පිලිතුරු ලෙස නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා කියා සිටියේ උතුරැ මහ ඇමතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කලද දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කර නැති නිසා අත්අඩංගුවට ගත යුතු නැති බවයි.