Health & Lifestyle

බත් කන්න හොර පොඩ්ඩන්ට රසට වගේම ගුණට බත් කවාගන්න රසවත් බත් රෙසිපි 5ක්

පොඩ්ඩො ස්වභාවයෙන්ම බත් කන්න හොරයිනෙ. හැබැයි ඉතින් වෙනස් විදියටක රසට හදල දුන්නොත් නම් එපා කියන්නෙ නෑ. අද අපි අරන් ආවෙ රසට වගේම ගුණට කන්න පොඩිත්තන්ට හදල දෙන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් රෙසිපි ටිකක්. බලන්නකො මේ රෙසිපි වල රස වෙනස. 

1. රතු බත් කොත්තුව

තන්තු බහුල, විටමින් B අඩංගු ​ආහාරයක් වන රතු බත්වලින් රස වගේම ගුණවත් කොත්තුවක් හදාගන්නයි මේ රෙසිපි එක. 

පිළියල කිරීමට ගතවන කාලය – විනාඩි 20යි

පිස ගැනීමට ගතවන කාලය – විනාඩි 10යි

4 දෙනෙකුට සෑහේ

කැලරි ප්‍රමාණය – 341 kcal

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් රතු බත් 500g
  2. කටු රහිත චිකන් 200g
  3. ග්‍රේට් කරගත් කැරට් අලයක්
  4. කොටු කපාගත් ලීක්ස් 100g
  5. චොප් කරගත් ළූණු ගෙඩියක් 
  6. චොප් කරගත් සුදුළූණු බික් 3ක්
  7. චොප් කරගත් අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
  8. කැබලි කපාගත් සේර ඉත්තක්
  9. Knorr සීසනින් කියුබ් 1ක්
  10. ​තෙල් මේස හැඳි 2ක්
  11. රස අනුව ලුණු සහ ගම්මිරිස් 
  12. කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
  13. මිරිස් කුඩු තේ හැන්දක් 
  14. රම්පේ සහ කරපිංචා ස්වල්පයක්

සාදන ක්‍රම​ය

  • භාජනයකට තෙල් දමා රත්කොට ඉඟුරු, ළූණු, සුදුළූණු, සේර, රම්පෙ සහ කරපිංචා එක් කොට තෙම්පරාදු කරගන්න 
  • දැන් චිකන් එකතු කරන්න. චිකන් හොඳින් පිසගන්න. ඉන්පසුව එළවළු සියල්ල එකතු කර තෙම්පරාදු කරගන්න 
  • මිරිස් කුඩු සහ Knorr කැටය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයට බත් ද එකතු කර මිශ්‍ර කරගන්න. ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට එකතු කරගන්න. 

සූපවේදී උපදෙස – චීස් වෙජස් 2ක් සහ කිරි කෝප්ප භාගයක් එකතු කිරීමෙන් මෙයට චීසි රසයක් ලබාගත හැක.

2. වට්ටක්කා සහ චිකන් ෆ්‍රයිඩ් රයිස්

ඔබ දැනගෙන හිටියද වට්ටක්කා ඇට තන්තු සහ ඔමෙගා 6 වලින් පරිපූර්ණයි කියල? ඒ වගේම වට්ටක්කා ඇට කියන්නෙ විටමින් A සපිරි ආහාරයක්. මේ ගුණවත් වට්ටක්කා ඇට එක් කරගෙන රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් පිළියෙල කරන හැටියි මේ. 

පිළියල කිරීමට ගතවන කාලය – විනාඩි 20යි

පිස ගැනීමට ගතවන කාලය – විනාඩි 10යි

4 දෙනෙකුට සෑහේ

කැලරි ප්‍රමාණය – 255 kcal

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් බත් 400g
  2. තීරු කපාගත් වට්ටක්කා 200g
  3. කටු රහිත චිකන් 200g
  4. Knorr සීසනින් කියුබ් 1ක්
  5. චොප් කරගත් සුදුළූණු බික් 2ක්
  6. චොප් කරගත් ඉඟුරු අඟලක්
  7. රම්පෙ කැබැල්ලක්
  8. කරපිංචා ඉත්තක්
  9. තෙල් මේස හැඳි 2ක්
  10. රස අනුව ලුණු සහ ගම්මිරිස් 
  11. වට්ටක්කා ඇට 50g

සාදන ක්‍රම​ය

  • පෑන් එකක තෙල් රත් වෙන්න තියන්න. එයට ඉඟුරු, සුදුළූණු, රම්පෙ සහ කරපිංචා එක්කර සුවඳ හමනතුරු තෙම්පරාදු කරන්න.
  • දැන් කපාගත් චිකන් එක්කර චිකන් පිසෙනතුරු තෙම්පරාදු කරන්න. ඊළඟට වට්ටක්කා එක්කර විනාඩියක් තෙම්පරාදු කරගන්න.
  • වට්ටක්කා ඇට එක්කර Knorr සීසනින් කියුබ් එක එකතු කරන්න. හොඳින් මිශ්‍රකර අවසානයේ පිසගත් බත් එක්කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් මිශ්‍ර කර උණුවෙන්ම පිළිගන්වන්න.

සූපවේදී උපදෙස – වට්ටක්කා ඇට පිළියෙල කරගැනීමට වට්ටක්කා ඇට හොඳින් සෝදා, අවුවේ වියළා, පොතු හැර ගන්න. වියළි සිසිල් ස්ථානයක ගබඩා කර තබන්න.

3. කරපිංචා ෆ්‍රයිඩ් රයිස්

අපි නිතරම අපේ කෑම වලට එක් කරගන්න කරපිංචා කියන්නෙ විටමින් A, ෆෝලේට් සහ කැල්සියම් ලබාගන්නා  එක් ප්‍රභවයක්. මේ කරපිංචා එක් කර හදාගන්න පුළුවන් රසවත් බත් එකක්.

පිළියල කිරීමට ගතවන කාලය – විනාඩි 20යි

පිස ගැනීමට ගතවන කාලය – විනාඩි 10යි

4 දෙනෙකුට සෑහේ

කැලරි ප්‍රමාණය – 363 kcal

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් බත් 500g
  2. කොටු කපාගත් කටු රහිත චිකන් 200g
  3. Knorr සීසනින් කියුබ් 1ක්
  4. චොප් කරගත් සුදුළූණු බික් 2ක්
  5. චොප් කරගත් ඉඟුරු අඟලක්
  6. කරපිංචා කොළ කප් එකක්
  7. පරිප්පු මේස හැඳි 2ක්
  8. මුං ඇට 50g
  9. තෙල් මේස හැඳි 2ක්
  10. කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
  11. රම්පෙ අඟල​ක කැබැල්ලක්
  12. චොප් කරගත් ළූණු ගෙඩි 1/2ක්
  13. රස අනුව ලුණු සහ ගම්මිරිස් 

සාදන ක්‍රමය

  • පෑන් එකකට මුං ඇට එක්කර විනාඩි 2,3ක් බැදගන්න. එයටම පරිප්පු එක් කර විනාඩියක් බැද ගන්න. දැන් කරපිංචා කොළ එක්කර යන්තම් ක්‍රිස්පි ගතිය එනතුරු බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න. නිවුණු පසු ග්‍රයින්ඩ් කර කුඩු කරගන්න.
  • පෑන් එකකට තෙල් රත්වෙන්න තබා ඉඟුරු, සුදුළූණු, ළූණු, රම්පෙ එක්කර විනාඩි කීපයක් තෙම්පරාදු කරන්න. චිකන් එක්කර විනාඩි 2ක් පමණ පිස ගන්න.
  • එයට තක්කාලි සහ Knorr සීසනින් කියුබ් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. කරපිංචා පවුඩර්ද එක් කරන්න. බත් දමා හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් දමා උණුවෙන්ම පිළිගන්වන්න.

සූපවේදී උපදෙස – කුඩු කරගත් කරපිංචා මිශ්‍රණ​ය වෙනත් කරි වර්ග උකු කිරීමට සහ රස කිරීම​ට භාවිතා කළ හැ​ක.

4. අළු කෙසෙල් ෆ්‍රයිඩ් රයිස්

ඔබ දැනගෙන හිටියද අළු කෙසෙල් වල පොටෑසියම් සහ ෆෝලික් ඇසිඩ් අඩංගුයි කියල. අළු කෙසෙල් එකතු කරල ගුණ වගේම රස බත් එකක් පිළියෙල කරන හැටියි මේ. 

පිළියල කිරීමට ගතවන කාලය – විනාඩි 20යි

පිස ගැනීමට ගතවන කාලය – විනාඩි 10යි

4 දෙනෙකුට සෑහේ

කැලරි ප්‍රමාණය – 563 kcal

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කහ සහ මිරිස් කුඩු ටිකක් එක්කර තම්බාගත් පරිප්පු 100g
  2. පිසගත් බත් 400g
  3. සිහින්ව පෙති කපාගත් අළුකෙසෙල් 200g
  4. කටු රහිත චිකන් 150g
  5. Knorr සීසනින් කියුබ් 1
  6. චොප් කරගත් සුදුළූණු බික් 2යි
  7. චොප් කරගත් ඉඟුරු අඟලක්
  8. රම්පෙ කැබැල්ලක්
  9. කරපිංචා ඉත්තක්
  10. තෙල් හෝ මාගරින් මේස හැඳි 1ක් 
  11. කහ තේ හැඳි 1/2ක්
  12. මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
  13. කෑලි මිරිස් මේස හැන්දක්
  14. ගැඹුරු තෙලේ බැදීමට තෙල්
  15. චොප් කරගත් ළූණු ගෙඩි 1/2ක්
  16. රස අනුව ලුණු ගම්මිරිස්

සාදන ක්‍රමය

  • අළුකෙසෙල් ලෙලි හැර සිහින්ව පෙති කපාගන්න. කහ සහ මිරිස් කුඩු එක්කර කළවම් කරගන්න. ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
  • පෑන් එකක් තෙල් රත්වෙන්න තියන්න. ඉඟුරු, සුදුළූණු, ළූණු, රම්පෙ සහ කරපිංචා සුවඳ එනතුරු තෙම්පරාදු කරගන්න. එයට බැදගත් අළුකෙසෙල් පෙති, කෑලි මිරිස්, තම්බාගත් පරිප්පු, Knorr සීසනින් කියුබ් එක එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • අවසානයට පිසගත් බත් එක්කර, රස අනුව ලුණු ගම්මිරිස් දමා උණුවෙන් පිළිගන්වන්න.

5. කැසරෝල් ෆ්‍රයිඩ් රයිස්

නිතරම අපි කෑමට එක් කරගන්න කැරට් විටමින් A වලින් අනූනයි. ඒ වගේම ලීක්ස් වලත් විටමින් A වගේම ෆෝලේටුත් අඩංගුයි. බලන්නකො මේ ජාති එකතු කරල රසවත් කැසරෝල් රයිස් එකක් හදන විදිය.

පිළියල කිරීමට ගතවන කාලය – විනාඩි 40යි

පිස ගැනීමට ගතවන කාලය – විනාඩි 15යි

4 දෙනෙකුට සෑහේ

කැලරි ප්‍රමාණය – 324 kcal

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කපාගත් ලීක්ස් 200g
  2. කුඩාවට කොටු කපාගත් කැරට් 150g
  3. තම්බා කැබලි කරගත් චිකන් 200g
  4. තලාගත් සුදුළූණු බික් 4යි
  5. බිත්තර 4යි
  6. Knorr කියුබ් 1යි
  7. මිරිස් කුඩු තේ හැඳි 1/2යි
  8. සන්ෆ්ලවර් හෝ කෝන් තෙල් මේස හැඳි 2යි
  9. මේද අඩු (Low Fat) කිරි මිලි ලීටර් 180යි
  10. පිසගත් සුදුබත් 300g
  11. රස අනුව ලුණු

සාදන ක්‍රමය

  • පෑන් එකක තෙල් රත්වෙන්න තබා ලීක්ස්, කැරට්, චිකන්, සුදුළූණු සහ Knorr කියුබ් එක තෙම්පරාදු කරගන්න.
  • බිත්තර 4ට කිරි එක්කර බීට් කරගන්න. තෙම්පරාදු කරගත් සියල්ල පිසගත් බත් සමග මිශ්‍ර කරන්න. බීට් කරගත් බිත්තරත් එයටම එක් කරන්න. මිශ්‍රණය බේක් කරගත හැකි බෝල් එකකට දමා, ෆොයිල් කොළයකින් ආවරණය කර, විනාඩි 30ක් ස්ටීම් කරගන්න. උණුවෙන්ම පිළිගන්වන්න.

සූපවේදී උපදෙ​ස – බත් වෙනුවට ඔබ කැමති ධාන්‍යයක් හෝ කැමති එළවළුවක් එක්කර ගන්න පුළුවන්.

Related posts

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් කනවානම් මාරයාද ඔබ සොයා ළඟ ළඟම පැමිණෙයි!

colombotoday

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

පිළිකාව නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද?

colombotoday