රටෙහි නායකයා බවට පත්විය යුත්තේ වෙනත් රාජපක්ෂ කෙනෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
වෙනත් රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.
බැරිවෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වුනොත් කුමක් කරන්නේදැයි මාධ්‍යවේදියකු කල විමසීමේදී දැඩි අවේගයෙන් අදහස් දැක්වු වෙල්ගම මහතා මෙසේ පැවසිය.
” බැරිවෙලාවත් වෙන්න බැහැනේ. මේ ප්‍රර්ථනා බෝධිය ඉදිරිපිට මම කියන්නේ, හැම රාජපක්ෂ කෙනෙකුටම කඩේ යන්න මම සුදානම් නැහැ”