Colombo Today Local News

හත් ලක්ෂයක මාසික කුලියට වාහන දෙනවාට හරස්වූ බෝපගේට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීන් අවි අමෝරයි

කැබිනට් මණ්ඩලය පවා අනුමත් කර තිබියදී, රුපියල් හත් ලක්‍ෂයක මාසික කුලියට වාහන ලබා ගැනීමට විරුද්දව කටයුතු කරන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ආණ්‌ඩුවේ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකු විසින් ජනපතිට හා අගමැතිට ලිපියක්‌ ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වාහන ලබා දෙන්නේ තම මැතිවරණ කොට්‌ඨාසයන්හි ජනතා සේවයට සක්‍රීයව දායක වීමට බවයි.

අදාල වාහන සදහා කුලිය ගෙවුවද ඒවා ආපසු රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකසා තිබියදීත් ලේකම්වරයා එය නොපිලිගෙන කටයුතු කිරීම දැඩි ගැටලුවක්‌ බවද මෙම මන්ත‍්‍රී පිරිස කියා සිටිති.

Related posts

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

colombotoday

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කරලා

colombotoday

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin