Colombo Today Local News

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්‍ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම පැවැත්වෙන අවස්‌ථාවලදී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්‌වීම් අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ.

මේ පිළිබඳව ඇතැම් හමුදා ප්‍රධානීන් පවසන්නේ මෙසේ බුද්ධි අංශ තොරතුරු හෙළි කිරීමට තීරණය වීම මෙතෙක්‌ ලොව කිසිදු රටක සිදුව නැති ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිසේත් සිදු නොකළ යුතු අතිශය සංවේදී ක්‍රියාවක්‌ බවයි.

යුද හමුදා බුද්ධි අංශ පිළිබඳ ආරම්භ වී තිබෙන විමර්ශනවලට අනුව මෙසේ බුද්ධි තොරතුරු අනාවරණය කිරීමේ තීරණයට එළැඹ ඇතැයි ද කියයි.

යුද සමයේදී සහ ඉන් පසුව එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්‌වීම මෙන්ම පාතාලයට හා කුඩු ජාවාරමට එරෙහිව ඉකුත් කාලයේ සිදු කෙරුණු මෙහෙයුම්වල ස්‌වභාවය අනුව රටපුරා විවිධ ප්‍රදේශවල ආරක්‍ෂිත නිවාස භාවිත කරමින් උපක්‍රමශීලීව රැඳී සිටීමට බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබිණි.

මේ අන්දමට එම රහස්‌ තොරතුරු අනාවරණය වුවහොත් ඉදිරියේදී සමස්‌ත හමුදා බුද්ධි අංශ බරපතළ කඩාවැටීමකට ලක්‌වීම වැළැක්‌විය නොහැකි වනු ඇතැයි ද හමුදා ප්‍රධානීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගෙන් කළ විමසීමකදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරීන් රැඳී සිටි මල්වාන ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්‌නයක තොරතුරු ලබාදෙන ලෙස දැනට ඉල්ලීමක්‌ කර තිබෙන බව යුද හමුදාපතිවරයා පැවසීය.

සමන් ගමගේ – දිවයින

Related posts

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

කූරගල මුස්ලිම් පල්ලියේ වාර්ෂික දානමය වැඩසටහන නෙල්ලිගල හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ආරම්භ කෙරේ.

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

ඇමැති බන්දුල කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක

colombotoday