Colombo Today Local News

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

විශ්වාසභංග යෝජනාවට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් සඳහා ද සමගි ජන බලවේගය අත්සන් එකතු කරමින් සිටින බව වාර්තා වේ.

විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් දැනට අත්සන් තබා ඇති අතර එහි පළමු අත්සන තබා ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

මේ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීමට පසුගියදා තීරණය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් සමහරකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.

අත්සන් සියල්ල සම්පූර්ණ කළ යුතු හෙයින් මෙම විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා කතානායකවරයාට බාරදීම තවත් කෙටි කාලයක් ගතවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

Related posts

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin