Colombo Today Local News

රනිල් විශ්වාසභංගයෙන් දිනුවොත් මෛත්‍රීට දෝෂාභියෝගයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලබන හතර වැනිදා විවාදයට ගන්නා විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ඉදිරිපත් කිරීම සඳහා එජාපයට සම්බන්ධ පිරිසක්‌ සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විශ්වාසභංග යෝජනාව පරාජය කර, අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තහවුරු කර ගත හැකි වුවහොත් මෙම පියවර සඳහා එජාපය කටයුතු කරනු ඇතැයි පැවසේ.

එජාප පාර්ශ්වයෙන් ආණ්‌ඩුවේ අමාත්‍ය ධුරයක්‌ දරන නීති ක්‍ෂේත්‍රයේ දැවැන්ත තනතුරක්‌ දරන ලද චරිතයක්‌, ජනාධිපතිවරයාට එරෙහිව එම දෝෂාභියෝගය සකස්‌ කරමින් පවතින බව පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ද මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් එජාපයේ නීතිඥ පිරිස සාකච්ඡා පවත්වා ඇති බව පැවසේ.

Divaina

Related posts

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

නුවරඑලියේ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට – වෙළඳුන් රැසකට දැඩි අවවාද.

colombotoday

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමග STF දැලේ

colombotoday