Colombo Today Local News

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ්‍ය යටතේ තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයට පැවරීමේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත්කරන ලද තවත් ආයතන දෙකක් කිසිදු අමාත්‍යවරයකුට ලබා නොදී ජනපතිවරයා යටතට ගෙන තිබේ.

ඒ ජාතික වැටුප් කොමිෂම හා ණය තොරතුරු කාර්යාංශය යන දෙකයි.

ජනාධිපතිවරයාගේ අදාළ ගැසට් නිවේදනයෙන් මීට පෙර අමාත්‍යංශ වෙනස්වීමේදී ව්‍යාප්ති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්වූ සාගල රත්නායක අමාත්‍යවරයාට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කළ ආයතන 12න් 08ක් පවරා තිබේ.

කෙසේවුවද, අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා ලිට්රෝ ගෑස් සමාගම හැර ශ්‍රී ලංකා රක්ෂණ සමාගම හා එහි පාලිත සමාගම් පත්කර තිබේ.

මූලාශ්‍රය – රාවය

Related posts

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday