Colombo Today Local News

විදේශ ගතවීමට ඉඩ සැලසෙන ආකාරයෙන් නාමල් රාජපක්ෂගේ නඩුවක් ආසන්න දිනයකදී කැඳවන්නැයි ඉල්ලීමක්

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට ඉඩ සැලසෙන ආකාරයෙන් ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ආසන්න දිනයකදී කැඳවන ලෙස රාජපක්ෂ මහතාගේ නීතිඥයින් අද මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදුකළ ගනුදෙනුවකදී අයතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනු කළේ නීතිපතිවරයා විසිනි.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට මේ යටතේ චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව නඩුව, මෙම මස 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද තීරණය කළේය.

Related posts

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

පුළුවන්නම් ඇමතිකමෙන් ඉවත්කර පෙන්වන්න – වසන්තගෙන් එජාපයට අභියෝගයක් !

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin