Colombo Today Local News

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

මෙවර පවත්වන  පළාත් පාලන මැතිවරණය සදහා  මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත්  ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන්  රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට වැවීම තම බලාපොරොත්තුව බවත්  දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කියති.

මෙතෙක් කල් පැවැති  සහ වර්තමාන දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ  අයිතිවාසිකම්  සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් ලැබුණේ නැතැයිද ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.

එබැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බවත් වන්නියලැත්තෝ කීහ.

වර්තමානයේ රටෙි නීතිරිති ක්‍රියාත්මක කිරිමෙිදි පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නිති දමා ඇති නමුත් වෙනත් පුද්ගලයින්ට රිසි පරිදි වනාන්තර සහ ගහ කොළ මෙන්මසතා සිවුපාවා විනාශ කිරිමට ඉඩ දි ඇති බවත් කී වන්නියලැත්තෝ…

මෙි සිදුවීම් තමන්ට ලෝකයට කියන්න අවස්ථාවක්  සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළඹ ඇතැයි ද කියා සිටියහ.

වර්තමානයේ දෙශපාලකයින් ඇතුඑ නිලධාරින් ඒ ව්‍යසනය වැළක්විමට කටයුතු නොකර සිටිම කනගාටුවට කරුණක් බැවින් ඒ සඳහා  තම වරිගයේ ඇත්තන් ගම පළාත  දිස්ත්‍රික්කය නියෝජනයවන පරිදි ඉදිරිපත් කිරිමටත්  එසේ කිරිමෙන් රජයේ වගකිව යුත්තන් හමුවෙි සහ රටෙි ජනතාව හමුවෙි කරුණු ඉදිරිපත් කිරිමත් කරුණු දැක්විමත් ශ්‍රී ලංකාවෙි සිටින සියලු ආදිවාසි ජනතාවගේ වගකීමක් බවත් ආදිවාසි නායක ඇත්තෝ වැඩිදුරටත් පැවසූහ.

හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක

Related posts

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

ලංකාවේදී හෙරොයින් ජාවාරමේ යෙදුනු පාකිස්තානුවන් 7ක් දිවි ඇති තෙක් සිරගෙට

colombotoday

චම්පික නංගි පෙන්වා අක්ක දීලා.. මිලියන 169ක වංචාවක් ! මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි

colombotoday

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday