Colombo Today Local News

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (15)දින දිවයිනට පැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්දීය ණය සහනාධාර යටතේ එම ඉන්ධන තොගය මෙරටට ලැබෙන බව එහි සභාපති, සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

එම ඉන්ධන තොගය දින 25කට පමණ ප්‍රමාණවත් බව ද ඔවුන් සඳහන් කර සිටි.

මේ අතර ඊයේ (14) දින පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 මේ වනවිට ගොඩබාමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම ඉන්ධන තොගය ද මෙරටට ලැබුණේ ඉන්දීය ණය ආධාර යටතේදීය.

මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රට තුළ පැවතියද අනිසි තොග රැස් කිරීම් හේතුවෙන් ඉන්ධන හිඟයක් මතුව ඇති බවඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් ඊයේ (14)දින අවුරුදු දිනයේත් ඉන්ධන, ගෑස් සහ භූමිතෙල් ලබා ගැනීමට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු පෝලිම් පැවතිණි.

Related posts

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

රාජ්‍ය ආයතන විකුණන්නම පාර්ලිමේන්තු පනතකින් විශේෂ උපදේශක සභාවක් එයි !

colombotoday

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. – කදිලනල් තුමා කියයි

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාකලාපයට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday