Colombo Today Local News

“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී

සත්‍යය කුමක්දැයි ජනතාවට දැන් තේරුම් යමින් තිබෙන නිසා තමන්ට ඇගිල්ල දික් කළ සියලු දෙනාම නැවත තමන් වටා රොක් වනු ඇතැයි බලාපොරොත්තුවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

සත්‍ය කවදාවත් වසන් කරන්න බැරි බවත් සත්‍යය කවදාහෝ අනිවාර්යෙන්ම අනාවරණය වනු ඇති බවත් තමා තරයේ විශ්වාස කරන බවත්, තමා කුඩා කළ සිටම සමාජ සේවය සිදුකරන නිසාවෙන්ම කෙදිනකවත් අහිංසක ජනතාව අමතක කිරීමට නොහැකි බවද , බලය සහිතව හෝ රහිතව වුවද තමන් විසින් ඉටුකරගෙන ආ ජනතා මෙහෙවර ඉදිරියටද ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසයි. මෙකී සමාජ සත්කාරයන් සිදුකිරීමේදී පක්ෂ විපක්ෂ සතුරන් නිර්මාණය වීම සාමාන්‍ය දෙයක් බවත්, ඒවාට මුහුණ දීම සඳහා තමන් හට හොඳ ආත්ම ශක්තියක් ඇති බවටත් හිටපු අමාත්‍යවරයා කියා සිටී.

තමන් මුදල් අමාත්‍යවරයාව සිටියත්, මහ බැංකුව හෝ වෙනත් රාජ්‍ය බැංකු කිසිවක් තම අමාත්‍යංශයේ විෂය පථයට ඇතුලත් නොවූ බවත්, කොටින්ම ඒවා සම්බන්ධයෙන් ගණු ලබන තීන්දු තීරණ වලට තමන් වගකිව යුතු නැති බවත්, එහෙත් බැඳුම්කර ප්‍රශ්ණය සම්භන්ධයෙන් හැමෝම ඇඟිල්ල දික් කළේ තමන්ට බවත් වෙබ් අඩවියක් සමග අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

colombotoday

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

මාතලේ අල්ලස් ගත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

විෂ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් යලි මලයාසියාවට

colombotoday