Colombo Today Local News

අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක් !

විෂය භාර ඇමැතිවරයාට නොදන්වා අධිවේගී මාර්ග බදු දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ විෂය පථයක් සඳහා වෙනත් අමාත්‍යාංශයකින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු මිල්ටන් විජයසුන්දර මහතා පවසයි.

කෙසේ වෙතත් තමන් ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූයේ මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද නොදැන මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව කිලෝමීටර් 170ක් වන අධිවේගී මාර්ග සමාගමකට බදු දීමට තීරණය කර තිබෙන බවත් මේ කටයුත්ත සඳහා කැබිනට් අනු කමිටුවක් හා ව්‍යාපෘති කමිටුවක් පත් කරන බවට එහි සඳහන්ව ඇති බවත් ඔහු පැවැසුවේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේය. නිරෝෂන් පෙරේරා එහි නියෝජ්‍ය ඇමති ධුරය දරයි.

Related posts

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

colombotoday

ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටි සිව්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

ශ්‍රිනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී 5ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday