Colombo Today Local News

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

මේ වසර නිමවීමට පෙර පාඩු ලබන මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙනුත් ගිවිසුමක් ඇති කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහ බැංකුවේ, John Exter ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේය.

හම්බන්තොට වරයා චීන සමාගමට බදු දීමෙන් රටේ ණයබර අඩුකරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

වසර 99ක් සඳහා මාගම්පුර වරාය චීන සමාගමට බදු දීමට අදාළ ගිවිසුම පසුගිය 29 දා අත්සන් තැබුණු අතර, එමගින් එකඟවී ඇති ආයෝජන වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 1.12කි. වරායෙන් 15%ක කොටස් ශ්‍රී ලංකා රජය සතුවන් අතර 85% කොටස් චීන සමාගමට හිමිවේ.

 

Related posts

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

colombotoday

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය කල් තැබේ

Admin

HIV පැතිරීමේ බරපතළ අවදානමක්

colombotoday

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

colombotoday

අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?

colombotoday