Colombo Today Local News

‘මා රහසින්වත් ජාතිවාදියෙක් නොවේ‘ – මරික්කාර්.. ‘ඔය බොරු, මරික්කාර් අමු ජාතිවාදියා‘ – ධනසිරි

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසිමේදී ජාතිවාදී ලෙස කටයුතු කරමින් මුස්ලිම් ජනතාවට පමණක් මුල් තැන දුන් බවට කොළොන්නාව ප්‍රදේශවාසීන් විසින් කරන චෝදනාවක් ඇතුළත් වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහත් කැළඹීමක් ඇතිකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එම වීඩියෝව ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

චෝදනාව සෘජුවම එල්ලකර තිබුණේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාටයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනසිරි අමරතුංග මහතා Colombotoday වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ තමන් ඇතුළු පිරිසක් කොළොන්නාවේ අවතැන් වූවන් සදහා ආධාර රැගෙන ගිය අවස්ථාවේ එහි සිටි පිරිස් පැවසූ දේ කිසියම් අයෙක් වීඩියෝගත කර අන්තර්ජාලයට එක්කර ඇති බවයි.

ධනසිරි අමරතුංග මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් සහ එස් එම් මරික්කාර් මහතා විසින් නිකුත් කර ඇති වීඩියෝ පහත දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ෆේසුබුක් ගිණුමේ තබා ඇති සටහන

cbn

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

colombotoday