Colombo Today Local News

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන වලට රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා මේ වනවිට 14%ක නව බද්දක් යෝජනා කර තිබෙන බවත්, එමගින් අරමුදල මත 24%ක බද්දක් පැනවේවිද යන සැකයක් මතුව ඇති බවත්, මෙය කිසිසේත්ම යුක්තිසහගත නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

”සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනවලින් 10%ක බද්දක් ලබාගැනීමට ආණ්ඩුවට නීතිමය ප්‍රතිපාදන තිබුණා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වේ වෙනකම් එම බද්ද අයකළේ නැහැ. නමුත් රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා මේ වනවිට 14%ක නව බද්දක් යෝජනා කර තිබෙනවා” යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

”වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් මුදල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ ඔවුන්ට ලැබිය යුතුයි. ඉන් ලබන ලාභයටබදු ගැසීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි” යයි ඔහු අවධාරණය කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා මෙසේද පැවසිය.

“සේවක අර්ථසාධක අරමුදල කියන්නේ රුපියල් බිලියන 1,350ක අරමුදලක්. ගිණුම් තිබෙනවා විසිහතර ලක්ෂ හැත්තෑපන්දහසක් (2,475,000). මෙම මුදල් ආණ්ඩුවේ මුදල් නෙවෙයි. පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ගේ හා හාම්පුතුන් විසින්
බැර කරන ලද මුදල්.

ආණ්ඩුවට මේ සම්බන්ධව ඇති බැඳීම මෙම අරමුදලේ භාරකාරත්වය පමණයි. නමුත් ආණ්ඩුව මුදල් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ප්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීමට තීරණය කිරීමෙන් මෙම අරමුදලට රුපියල් කෝටි 960 (රපියල් බිලියන 9.6ක) පාඩුවක් සිද්ධ වුණා.

සමහර අවස්ථාවල ආණ්ඩු සේවක අර්ථසාධක අරමුදලෙන් කඩා වැටුණු සමාගම්වල කොටස් ගත්තා. මේවායින් විශාල පාඩු අරමුදලට සිද්ධ වුණා. හැම ආණ්ඩුවක්ම සේවක අර්ථසාධක අරමුදල සමඟ සෙල්ලම් කළා. ”

Related posts

රට අස්ථාවර කරන්න එපා! මල්වතු මහ නායක හිමි

colombotoday

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් හසුවෙයි

Admin

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday

සංධානයේ බලය පෙරලා එජාපයට බලය ලබා දුන්නේ ජනපති මෛත්‍රීයි – හරීන් කියයි

colombotoday