Colombo Today Local News

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

මේ වසරේ (2017) අප්‍රේල් මාසයේ රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් කෝටි 6000ක භාණ්ඩාගාර බිල්පත් මුදල් අමාත්‍යංශය විසින් මහ බැංකුවට විකුණා ඇතැයි වාර්තා වේ.

භාණ්ඩාගාර බිල්පත්වලට මහ බැංකුවෙන් මුදල් ලබාදීමේදී සිදුවන්නේ අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම යැයි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ අවුරුදු උත්සවය නිමිත්තෙන් රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සිදුවිය.

ඒ සඳහා මසකට රජය රුපියල් කෝටි 7500ක් පමණ වැයකරන බව පැවසේ. ඉන් කෝටි 1500ක් පමණ මාසිකව භාණ්ඩාගාරයට ලැබෙන සිගරුට් හා සෙසු බදු ආදායම් වලින් උපයා ගැනේ.

එහෙත් තවත් රුපියල් කෝටි 6000ක් පමණ හදිසියේ අත්‍යවශ්‍ය වූ නිසා මෙසේ මුදල් මුද්‍රණය කොට ලබාගන්නට සිදුව ඇතැයි සඳහන්ය.

Related posts

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin