Colombo Today Local News

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට හම්බන්තොට අනිවාර්යෙන්ම ආරම්භ කළ යුතු බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. එසේ නොකළහොත් රුපියලේ අගය තවදුරටත් කඩා වැටී ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අර්බුධයකට මුහුණ දීමට ඉඩ තිබෙන බවද හෙතමෙ අනතුරු අගවයි.

බීබීසී සංදේශය සමග අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

වරාය අමාත්‍ය අර්ජුණ රණතුංග ඉදිරිපත් කළ නිර්දේශ ද සලකා බල සකස් කළ අදාල ව්‍යපෘතිය සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

“මේකෙන් රටට අතිශයින්ම වාසියක් සිද්දවෙනවා. නැත්නම් මේක විවේචනය කරන අය ගේන්න ඕන ඩොලර් බිලියන 1.1 ක් වහාම රටට, නැත්නම් රුපියල අවපාත වෙන එක නවත්තන්න බෑ.” යැයිද අමත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

නීතිපතිවරයාගේ අනුමැති ලැබුණු පසුව වරාය ව්‍යාපෘතිය සම්බන්ධ සම්මුතියට අත්සන් තැබෙනු ඇති බවත්, සංශෝධිත යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට යෝජිත හම්බන්තොට පෝට් ඩිවලොප්මන්ට් කෝපරේෂන් හවුල් සමාගමේ කොටස්වලින් 80% ක් China Merchant Port චීන සමාගම සතුවන අතර, ඉතිරි කොටස් 20% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related posts

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

colombotoday

ස්විස් සේවිකාව සතුව දුරකථන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශයට තොරතුරු. සෝදිසියකදී දුරකතන 5ක් හමුවේ.

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin