Colombo Today Local News

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවලින් තවත් සුසාන භූමි තුනක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

කොවිඩ් සිරුරු භූමිදානය කෙරෙන මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියට තවත් අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේදී පුළුල් කර තිබේ.

අලුත් සුසාන භූමි තුන සඳහා යොදා ගන්නා භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ කරුණු ගණනාවක් සැලකිල්ලට ගනිමින් කරුණු අධ්‍යයනයක් තාක්ෂණික කමිටුව විසින් සිදු කරගෙන යන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
Covid bodies to be buried in parts of the East | Colombo Gazette

මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියේ කොවිඩ් සිරුරු 2264 ක් මේ දක්වා භූමිදානය කර තිබේ.

එහි භූමදානය කළ වැඩි පිරිසක් මුස්ලිම් භක්තිකයින් වන අතර ඒ අනුව මුස්ලිම් භක්තිකයන් 2070ක් භූමදානය කර තිබේ.

මෙයට අමතරව හින්දු භක්තිකයන් 98දෙනෙකුත්, බෞද්ධාගමිකයන් 55දෙනෙකු සහ කතෝලික ආගමිකයන් 41දෙනෙකු ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

ශ්‍රී ලංකා පදනම ආයතනය ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා

colombotoday

මඩකලපුව සරසවිය ගැන වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

colombotoday

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

ඈවරයි ! දෑවරයි !! ජෝන් ද සිල්වා රගහලත් විකුණන්න යයි… යහපාලන කලාකරුවෝ වැළපෙයි !

colombotoday