Colombo Today Local News

ඉවසුවා දැන් ඇති.. රතු කට්ටත් පැන ඉවරයි.. මරික්කාර් මහ පෙරළියකට සූදානම් !!

කොළොන්නාව කසළ ගැටලුවේදී මහා සංඝරතන්නය හා ජනතාවගේ ඉවසීමේ සීමාව දැන් පැන ඇති බවත්,එම නිසා පෙබරවාරි මාසයෙන් පසු කොළඹ මහා නගර සභාවේ කුණු කොළොන්නාවට ගෙන ඒමට ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මහා සංඝරත්නය ප්‍රමුඛව මීතොටමුල්ල කසළ ගැටලුව පිළිබඳ කොළොන්නාවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.

“කොළොන්නාව ජනතාවගේ දැවෙන අති දුෂ්කරම ගැටලුව තමයි, කොළඹ මහා නගර සභාව එකතු කරන කැළිකසළ වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල ප්‍රදේශයට ගෙනල්ලා දාලා කොළොන්නාව ජනතාවගේ, ජන ජීවිතය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු එදිනෙදා කටයුතු අඩපණ වෙලා විනාශ වෙලා තියෙනවා.

දැන් කුණු කන්ද අඩි 180 යි ටොන් මිලියන 03 ක කුණු දැනටමත් තියෙනවා. දෛනිකව ටොන් 700 – 900 ත් අතර ප්‍රමාණයක් කොළඹ නගරයේ ඉදළ එකතු කරලා ගේනවා. කොළඹ කුණු අපට එපා කියලා ජනප්‍රිය මාතෘකාවලට ගිහින් අපිට විසඳුමක් සොයන්න බෑ. මුළු රටම කොළඹ නගරයට සම්බන්ධ වෙලා ඉන්න නිසා මේක රටේ දැවෙන ප්‍රශ්නයක් බව අපට කියන්න පුළුවන්.

මේ දැවෙන ප්‍රශ්නයෙන් වෙන කවුරුවත් නෙමෙයි පීඩා වින්දේ කොළොන්නාවේ අපි විතරයි. මේ පීඩාව තවදුරටත් අපට විඳින්න බෑ. ගණ කැලයක ඉන්න සතුන්ටත් වඩා අන්ත දුක්ඛිත ජීවිතයක් මේ ප්‍රදේශයේ ජනතාව ගෙවන්නේ.

අපි ඉවසලා ඉවසලා රතු කට්ට් පැනලත් සෑහෙන දුර ගිහින් තියෙන්නේ, තව අපිට ඉවසන්න බෑ. අනිවාර්යයෙන්ම දේශපාලනය පැත්තකින් තියලා ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග දැඩි තීන්දුවකට යනවා.අපි පාරට බැස්සොත් අනිත් අය පාරට බැස්සා වගේ නෙමෙයි” යනුවෙන් කියා සිටියේය.

Related posts

පාර්ලිමේන්තුව අගමැති අසුන මහින්දට.. විශ්වාසභංගය සභාගත කෙරේ…

colombotoday

ජනපති ‍හොද නෑ කිවාට 19 වන සංශෝධනය ඉතා හොදයි…

colombotoday

SF ලොකූ අත්අඩංගුවට ගැනීමට පෙර සොයිසාගේ ඝාතනය ගැන වීඩියෝවකින් කී ආන්දෝලනාත්මක කතාව

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin