Colombo Today Local News

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී තිබේ.

එලෙස භාර වූ නගරාධිපතිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව ප්‍රදේශයේ ඊයේ (27)දින ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා එලෙස පොලීසියට භාර වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මොරටුව නගරාධිපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා නගරාධිපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

දේශපාලකයොත් 60න් යනව නම් ජනතාවගේ කැමති

Admin

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

colombotoday

කඩුගන්නාව ප්‍රා. රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Admin

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

colombotoday

හිටපු ජනපති සිරිසේන අද අධිකරණයට!

Admin