ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අයත් බව කියවෙන අයර්ලන්තයේ නිවසක් සම්බන්ධයෙන් වූ ලිපියක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනවා.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලකට අදාල බදු ගෙවන්නැයි බදු එකතු කිරීමේ ජනරාල් වරයා විසින් එවන ලද එම ලිපියේ සදහන් වනවා.
2013 වසරේදී මිලට ගෙන ඇති බව කියවෙන මෙම නිවස වසරින් වැඩි කාලයක් වසා තිබෙන බවත්, එය මසක් පමණ විවෘතව තිබෙන්නේ එක්සත් රාජධානියේ වෙසෙන ජවිපෙ නායකයාට සම්බන්ධකම් ඇති කාන්තාවක් වාර්ෂික නිවාඩු ගත කිරීමට පැමිණීමේදී පමණක් බවද අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.