Colombo Today Local News

හිටපු නාගරික මන්ත්‍රීවරියක් ලග කිසිදු ලේඛණයක සටහන්ව නැති මෝටර් රථයක්

රේගු නීති සහ අනෙකුත් නීති උල්ලංඝනය කරමින් විදේශ රටවලින් අමතර කොටස් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (26)දින මෙහෙයුමක් සිදුකර තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මතය.

අදාළ මෝටර් රථය ළඟ තබාගත් 56 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් ද වන බවය.

අදාළ සැකකාරිය මේ වනවිට වෙරළබඩ පොලීසිය වෙත භාර දී ඇත.

ඇයව අද (27) දිනඅලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අදාළ මෝටර් රථය පිළිබඳ කිසිදු ලේඛණයක සටහන් වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

යාපනයේ බෝම්බ පිපිරීමක්

Admin

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව ප්‍රශස්තයි – මහින්ද

Admin

රටේ මිනිස්සු නිදහසේ අපි ගිනි ගොඩක – අත්අඩංගුවේ සිටින හමුදා සෙබළුන්ගේ ඥාතීන්

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව යුද හමුදාව යටතට

colombotoday